Friday, October 18, 2024

General line - 0115112241

නාඋල සිදුවූ රිය අනතුරකින් පාසල් සිසුවෙකු ජීවිතක්ෂයට

ඉන්දික අරුණ කුමාර




නාඋල ප්‍රදේශයේදී යතුරුපැදියක ගමන්ගත් පාසල් සිසුවෙකු රිය අනතුරකට ලක්වීමෙන් ජීවිතක්‍ෂයට පත්ව තිබෙනවා.

අනතුරෙන් තුවාල ලැබූ එම පාසල් සිසුවා නාලන්ද රෝහලට ඇතුළත් කිරිමෙන් පසු ජීවිතක්‍ෂයට පත්ව ඇති බවයි නාඋල පොලිසිය පැවසුවේ.

ඔහු කැබ් රථයක ගැටී මෙලෙස ජීවිතක්ෂයට පත්ව තිබෙනවා. එලෙස ජීවිතක්ෂයට පත්ව ඇත්තේ නාඋල - පෙනලබොඩ ප්‍රදේශයේ පදිංචිව සිටි වයස අවුරුදු 16ක පාසල් සිසුවෙක්.

කැබ් රථයේ රියදුරු මේ වන විට අත්අඩංගුවට ගෙන තිබෙනවා.