Friday, October 18, 2024

General line - 0115112241

විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාවට නව සභාපතිවරයෙක්




විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාවේ නව සභාපතිවරයා ලෙස ජ්‍යේෂ්ඨ මහාචාර්ය කපිල සෙනෙවිරත්න මහතා පත් කර තිබෙනවා.

ඒ, ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා විසින්. ඊට අදාළ පත්වීම් ලිපිය ජනාධිපති ලේකම් ආචාර්ය නන්දික සනත් කුමානායක මහතා ජනාධිපති ලේකම් කාර්යාලයේදී ජ්‍යේෂ්ඨ මහාචාර්ය කපිල සෙනෙවිරත්න මහතා වෙත අද භාර දුන් බවයි ජනාධිපති මාධ්‍ය අංශය පැවසුවේ.

මීට අමතරව විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාවේ නව උප සභාපති ලෙස ජ්‍යේෂ්ඨ මහාචාර්ය           කේ එල් වසන්ත කුමාර මහතා පත් කර ඇති අතර, එහි සෙසු සාමාජිකයන් ලෙස ජ්‍යේෂ්ඨ මහාචාර්යවරුන් වන රාහුල අතලගේ, ඕ ජී දයාරත්න, සුබ්‍රමනියම්  රවිරාජ් සහ  ජනාධිපති නීතිඥ කේ සී ඩබ්ලිව් උනම්බූව යන මහත්ම මහත්මීන් පත් කළ බවයි ජනාධිපති මාධ්‍ය අංශය වැඩිදුරටත් පැවසුවේ.