Saturday, October 19, 2024

General line - 0115112241

ඊශ්‍රායල අගමැති නිවසට ද්‍රෝන ප්‍රහාරයක්




ඊශ්‍රායල අග්‍රාමාත්‍ය බෙන්ජමින් නෙතන්යාහුගේ පෞද්ගලික නිවස ඉලක්ක කර ඩ්‍රෝන ප්‍රහාරයක් එල්ල වී තිබෙනවා. 

කෙසේවෙතත් එම අවස්ථාවේ ඊශ්‍රායල අග්‍රාමාත්‍යවරයා හෝ පවුලේ කිසිවෙකුත් නිවසේ රැඳී නොසිටි බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ. 

එමෙන්ම ඩ්‍රෝන ප්‍රහාරයෙන් කිසිදු පුද්ගලයෙකුට අනතුරක් සිදුව නැහැ.

 ලෙබනනයේ සිට මෙම ප්‍රහාරය එල්ල කර ඇති බවයි ඊශ්‍රායල ආරක්ෂක අංශ පැවසුවේ. 

ලෙබනනයේ සිට ඩ්‍රෝන ප්‍රහාර තුනක් දියත් කර තිබෙනවා. 

ඉන් ප්‍රහාර දෙකක් මැඩ පැවත්වීමට ඊශ්‍රායල ආරක්ෂක අංශ සමත් වූ බවයි විදෙස් මාධ්‍ය පැවසුවේ. 

අදාළ ඩ්‍රෝන ප්‍රහාරය කුමන පාර්ශවයක් විසින් එල්ල කළේ දැයි මෙතක් වාර්තා වී නැහැ.