Saturday, October 19, 2024

General line - 0115112241

ඉන්දීය වේග ප්‍රහාරක යාත්‍රාවක් දිවයිනට




ඉන්දීය නාවික හමුදාවට අයත් " INS Kalpeni T-75 " , වේග ප්‍රහාරක යාත්‍රාව නිල සංචාරයක් සඳහා කොළඹ වරායට සේන්දු වී තිබෙනවා.

එම වේග ප්‍රහාරක යාත්‍රාව නාවික හමුදා සම්ප්‍රදායන්ට අනුකූලව පිළගත් බවයි ශ්‍රී ලංකා නාවික හමුදාව පැවසුවේ.

"INS Kalpeni T-75" , වේග ප්‍රහාරක යාත්‍රාව, දිගින් මීටර් 49ක් හා නැව් මුළුව හැත්තෑදෙනෙකුගෙන් සමන්විතයි.

එම වේග ප්‍රහාරක යාත්‍රාව දිවයිනේ රැඳී සිටින කාලසීමාව තුලදී එහි නැව් මුළුව දිවයිනේ වැදගත් ස්ථාන නැරඹීම සඳහා ප්‍රදේශ කිහිපයක සංචාරය කිරීමට නියමිත බවයි ශ්‍රී ලංකා නාවික හමුදාව පැවසුවේ.

"INS Kalpeni T-75" , වේග ප්‍රහාරක යාත්‍රාව නිළ සංචාරය අවසන් කරමින් ලබන 28 වනදා දිවයිනෙන් පිටත්ව යාමට නියමිතයි.