Sunday, October 20, 2024

General line - 0115112241

ඉන්දියාවෙන් ලෙබනනයට ආධාර




ඊශ්‍රායලය සහ ලෙබනනය පදනම් කරගත් සටන්කාමී කණ්ඩායමක් වන හිස්බුල්ලා සංවිධානය අතර පවතින ගැටුම් මධ්‍යයේ ලෙබනනයට මානුෂීය ආධාර තොගයක් යොමු කරන බව ඉන්දියාව පවසනවා.

වෛද්‍ය සැපයුම් ටොන් 33ක් එලෙස ලෙබනනයට යොමු කරන බව ඉන්දීය විදේශ කටයුතු අමාත්‍යාංශය ප්‍රකාශ කළා.

එහි මූලික අදියර ලෙස වෛද්‍ය සැපයුම් ටොන් 11ක් ලෙබනනයට යොමු කල බව විදේශ කටයුතු අමාත්‍යාංශයේ ප්‍රකාශක Randhir Jaiswal ප්‍රකාශ කළා.

හෘද වාහිනී ඖෂධ,  ප්‍රතිජීවක සහ නිර්වින්දන ඇතුළු පුළුල් පරාසයක ඖෂධ නිෂ්පාදන තොගයක් එලෙස ලෙබනනයට යොමු කළ බවයි ඔහු වැඩිදුරටත් පැවසුවේ.

ඉන්දියාවේ ලෙබනනයේ තානාපති Rabie Narsh පැවසුවේ, ආක්‍රමනකාරීත්වය ආරම්භ වූ දා සිට මානුෂීය ආධාර ලෙබනනයට ගලා ගෙන එමින් පවතින බවයි.

''වාසනාවකට මෙන්, අපට ලෝකයේ විශිෂ්ට මිතුරන් සිටී. ඔවුන්ගෙන් ඉහළින්ම සිටින්නේ ඉන්දියාවයි. ඉන්දියාව අපේ හොඳ මිතුරා.'' යනුවෙන් ද ඔහු පවසා තිබෙනවා.