Wednesday, October 23, 2024

General line - 0115112241

හෂේම් සෆීඩින් ඊශ්‍රායල ප්‍රහාරයකින් මරුට




හිස්බුල්ලා සංවිධානයේ අනුප්‍රාප්තිකයා වීමට සිටි හෂේම් සෆීඩින් ද ඝාතනය කළ බව ඊශ්‍රායල හමුදාව පවසනවා.

ඔවුන් අද නිවේදනය කර ඇත්තේ ඔහු ඝාතනය කළේ මීට සති තුනකට පමණ පෙර බවයි. ඝාතනය කළ හිස්බුල්ලා නායක හසන් නසරල්ලාගේ සමීපතම පුද්ගලයෙකු ලෙසටයි හෂේම් සෆීඩින් සැලකෙන්නේ.

ඊශ්‍රායල ආරක්ෂක හමුදා පවසන පරිදි, ලෙබනන් අගනුවර වන බේරූට් හි දකුණු දිග තදාසන්න ප්‍රදේශවලට එල්ල කළ ගුවන් ප්‍රහාරවලින් ඔහු මිය ගොස් තිබෙනවා.

කෙසේවෙතත් හිස්බුල්ලා සංවිධානය, සෆීඩීන්ගේ මරණය මෙතෙක් තහවුරු කර නැහැ. 

ඊශ්‍රායලයට එරෙහිව සටන් වදින ලෙබනන් මූලික කරගත් ප්‍රබල සංවිධානයක් වන හිස්බුල්ලා සංවිධානයේ නායකයා වූ හසන් නසරල්ලා සැප්තැම්බර් 27 වැනිදා බේරූට් වෙත ඊශ්‍රායල ගුවන් ප්‍රහාරයකින් මිය ගියා.

ලෙබනනයේ සෞඛ්‍ය අමාත්‍යාංශ දත්තවලට අනුව පසුගිය වසර තුළ පමණක් ඊශ්‍රායල ප්‍රහාරවලින් අවම වශයෙන් ලෙබනන් ජාතිකයින් 2,464ක් මිය ගොස් තවත් 12,000 කට ආසන්න පිරිසක් තුවාල ලබා තිබෙනවා.