උත්සව සමය සඳහා ගම්බිම් බලා යන ජනතාව වෙනුවෙන් අද සිට අමතර බස් රථ 50 ක් ධාවනයට එක්කරන බව ශ්‍රී ලංකා ගමනා ගමන මණ්ඩලය පවසනවා.
ඒ අනුව අධිවේගී මාර්ගවල ධාවනය කෙරෙන බස් රථවල ගමන් වාර සංඛ්‍යාව ද ඉහළ දමා ඇති බවයි ශ්‍රී ලංකා ගමනා ගමන මණ්ඩලයේ නියෝජ්‍ය සාමාන්‍ය අධිකාරී පණ්ඩුක ස්වර්ණහංස මහතා පැවසුවේ.
මේ අතර උත්සව සමයේ විශේෂ දුම්රිය කිහිපයක් ධාවනයට එක්කරන බව නියෝජ්‍ය දුම්රිය සාමාන්‍ය අධිකාරි එන් ජේ ඉඳිපොළගේ මහතා පැවසුවා.