Tuesday, December 24, 2024

General line - 0115112241

දිවයින පුරා වාහන පරීක්ෂාව ජනවාරි පළමු වනදා තෙක්




දිවයිනම ආවරණය වන පරිදි ආරම්භ කළ මගී ප්‍රවාහන බස් රථ ඇතුළු වාහන පරීක්ෂා කිරීමේ මෙහෙයුම ජනවාරි පළමුවනදා දක්වා ක්‍රියාත්මක බව පොලිසිය පවසනවා. 

පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි බුද්ධික මනතුංග මහතා පැවසුවේ උත්සව සමයේ අනතුරු අවම කර ගැනීම සඳහා එම මෙහෙයුම ක්‍රියාත්මක බවයි.

මේ අතර හිටපු ජනාධිපතිවරුන්ගේ ආරක්ෂාව පොලිස් නිලධාරින් විසින් සපයන බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා වැඩිදුරටත් පැවසුවේ.