Sunday, November 24, 2024

General line - 0115112241

රන්ජන්ගේ පක්ෂයේ අදත් ආරවුලක්




එක්සත් ප්‍රජාතන්ත්‍රවාදී හඩ පක්ෂයෙන් කොළඹ දිස්ත්‍රික්කයට තරඟවදින අපේක්ෂක ප්‍රසන්න අධිකාරි මහතා අද සහභාගී වූ මාධ්‍ය හමුවක් අතරතුර උණුසුම් තත්ත්වයක් ඇති වුණා.

ඒ, එම ස්ථානයට පැමිණ සිටි එක්සත් ප්‍රජාතන්ත්‍රවාදී හඩ පක්ෂයෙන් තරඟවදින තවත් අපේක්‍ෂකයින් පිරිසකගෙන් විරෝධයක් එල්ල වීමත් සමගයි. 

මේ අතර ඉදිරි මහමැතිවරණයට තරඟ වැදීමට ගම්පහ දිස්ත්‍රික්කය සඳහා එක්සත් ප්‍රජාතන්ත්‍රවාදී හඬ සංවිධානයෙන් නාමයෝජනා භාරදී සිටින හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී රන්ජන් රාමනායක මහතාගේ නාමයෝජනාව ප්‍රතික්ෂේප කරන නියෝගයක් නිකුත් කරන්නැයි ඉල්ලා ගොනු කළ මූලික අයිතිවාසිකම් පෙත්සමක් විභාගයට නොගෙන නිෂ්ප්‍රභ කිරීමට ශ්‍රේෂ්ඨාධිකරණය අද නියම කළා.