Thursday, October 31, 2024

General line - 0115112241

ICC ක්‍රිකට් දූෂණ සොයන ප්‍රධාන පුටුව ශ්‍රී ලාංකිකයෙකුට




ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සලයේ දූෂණ විරෝධී ඒකකයේ ප්‍රධානියා ලෙස  ශ්‍රී ලංකා නීතිපති දෙපාර්තමේන්තුවේ අතිරේක සොලිස්ටර් ජනරාල්වරයෙක් ලෙස කටයුතු කරන සුමති ධර්මවර්ධන මහතා පත්කර තිබෙනවා.

ඒ, නොවැම්බර් මස 01 වනදා සිට ක්‍රියාත්මක වන පරිදියි. 

ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සලය නිවේදනය කළේ සුමති ධර්මවර්ධන මහතා එම තනතුරට පත්කර ඇත්තේ වසර 14ක් එම තනතුරේ කටයුතු කළ ශ්‍රීමත් රොනී ෆ්ලැනගන් එම තනතුරෙන් විශ්‍රාම ගැනීම හේතුවෙන් බවයි.

ජනාධිපති නීතිඥවරයෙකු වන ධර්මවර්ධන මහතා නීතිපති දෙපාර්තමේන්තුවේ අතිරේක සොලිසිටර් ජනරාල්වරයෙක් ලෙස විවිධ නීතිමය කටයුතුවලදී ශ්‍රී ලංකා රජය පමණක් නොව ක්‍රීඩා අමාත්‍යංශය ද නියෝජනය කර තිබෙනවා.

ඔහු කොළඹ ඩී එස් සේනානායක විද්‍යාලයේ ආදිශිෂ්‍යයෙක්.