Friday, November 1, 2024

General line - 0115112241

ලංකාවේ මතීෂ පතිරණට ඉන්දියාවෙන් ඉහළම වටිනාකමක්




2025 ඉන්දීය ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරඟාවලියේදීද ශ්‍රී ලංකා යොවුන් ක්‍රිකට් ක්‍රීඩක මතීෂ පතිරණ සිය කණ්ඩායම තුළ රඳවා ගැනීමට චෙන්නායි සුපර් කින්ග්ස් කණ්ඩායම තීරණය කර තිබෙනවා.

ඒ, චෙන්නායි සුපර් කින්ග්ස් කණ්ඩායම විසින් තවදුරටත් රඳවා ගන්නා ක්‍රීඩකයින් කවුරුන්දැයි ප්‍රකාශයට පත් කරමින්. 

ලබන වසරේ පැවැත්වෙන ෂඡඛ තරඟාවලිය සඳහා එක් එක් කණ්ඩායම් රඳවා ගන්නා ක්‍රීඩකයින් කවුරුන්දැයි ප්‍රකාශයට පත් කිරීම සඳහා ලබා දී තිබූ කාලය අදින් අවසන් වනවා.

ඒ අනුවයි චෙන්නායි සුපර් කින්ග්ස් කණ්ඩායම සිය ක්‍රීඩකයින් ඊයේ ප්‍රකාශයට පත් කළේ. 

2025 ඉන්දීය ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරඟාවලියේදී චෙන්නායි සුපර් කින්ග්ස් කණ්ඩායම රඳවා ගැනීමට තීරණය කර ඇත්තේ ක්‍රීඩකයින් 05 දෙනෙකු පමණයි.

ඒ අතරට ශ්‍රී ලංකාවෙන් ඇතුළත්ව ඇත්තේ මතීෂ පතිරණ පමණක් වීම විශේෂත්වයක්.

මහීෂ් තීක්ෂණද ඉන්දීය ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරඟාවලියේදී නියෝජනය කරන්නේ චෙන්නායි සුපර් කින්ග්ස් කණ්ඩායම වුවද ඔහු කණ්ඩායමේ රඳවා ගැනීමට තීරණයක් ගෙන නැහැ. 

එමෙන්ම මේ දක්වා ප්‍රකාශයට පත් කර ඇති කණ්ඩායම්වල රඳවා ගන්නා ක්‍රීඩක ලැයිස්තු අතරටද මතීෂ පතිරණ හැර වෙනත් කිසිදු ශ්‍රී ලාංකික ක්‍රීඩකයෙකු ඇතුළත් නොවීම විශේෂත්වයක්.