Sunday, November 24, 2024

General line - 0115112241

විහාරස්ථානයකින් අධිබලැති විදුලි බුබුලක් සොරකම් කළ සැකකරු අත්අඩංගුවට




පානදුර කෙසෙල්වත්ත විහාරස්ථානයක සවි කර තිබූ අධි බලැති විදුලි බුබුලක් සොරකම් කළ සැකකරු පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

එම විහාරස්ථානයේ පැවති පිංකමක් හේතුවෙන් අධි බලැති විදුලි බුබුල සවි කර තිබුණා.

කෙසේවෙතත් එම පිංකම අවසන් වී පැය කිහිපයකට පසුව අදාළ සැකකරු විසින් එම අධි බලැති විදුලි බුබුල සොරකම් කරගෙන ගොස් තිබූ බවයි පොලීසිය පැවසුවේ.

ඔහු විහාරස්ථානයේ  පිටු පස තාප්පයෙන් ඇතුලු‍ වී එය සොරකම් කරන ආකාරය අසල තිබු ආරක්ෂිත කැමරාවක සටහන් වී තිබුණා.

එම ආරක්ෂිත කැමරාවේ සටහන්ව තිබූ දර්ශන අනුව පානදුර උතුර පොලිස් ස්ථානය විසින් විමර්ශන ආරම්භ කර තිබුණා. ඒ අනුව, පානදුර කොට්ඨාස භාර සහකාර පොලිස් අධිකාරි සෙනාරත්න මහතාගේ අණ පරිදි වහා ක්‍රියාත්මක වූ පානදුර උතුර පොලිස් ස්ථානාධිපති සංජිව ලක්මාල් මහතාගේ උපදෙස් මත එම පොලිස් ස්ථානයේ අපරාද අංශයේ 31279 ලියනගේ, 59102 අදිකාරි, 92915 මදුෂාන්, 97375 දිසානායක සහ 28765 බණ්ඩාර යන පොලිස් නිළධාරින් පැය 24ක් ගත වීමටත් පෙර එම සැකකරු මත් ද්‍රව්‍ය ද සමගින් අත්අඩංගුවට ගනු ලැබුවා.'

ඔහුගෙන් කළ ප්‍රශ්නකිරීම්වලදී අනාවරණ වී ඇත්තේ මත්ද්‍රව්‍ය මිලදී ගැනීම සඳහා එම අධි බලැති විදුලි බුබුල සොරකම් කළ බවයි.