Sunday, November 24, 2024

General line - 0115112241

මහමැතිවරණයට අදාළව පැමිණිලි 139ක්




මහමැතිවරණයට අදාළව මේ වන විට පැමිණිලි 139ක් වාර්තා වී ඇති බව පොලීසිය පවසනවා.

පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති නිහාල් තල්දූව මහතා පැවසුවේ පුද්ගලයින් 156 දෙනෙකු අත්අඩංගුවට ගෙන ඇති බවයි. 

පෝස්ටර් සහ කටවුට් ඉවත් කිරීම සම්බන්ධයෙන්ද පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා අදහස් පළ කළා. 

මේ අතර, මහමැතිවරණයට අදාළව ලැබී ඇති පැමිණිලි සංඛ්‍යාව 1,136ක් දක්වා ඉහළ ගොස් තිබෙනවා.

මැතිවරණ කොමිෂන් සභාව පවසන්නේ පසුගිය සැප්තැම්බර් මස 26 වන සිට ඊයේ දිනය තෙක් එම පැමිණිලි ලැබී ඇති බවයි. ඊයේ පස්වරු 04යි 30න් අවසන් වූ ගතවූ පැය 24 තුළදී පමණක් පැමිණිලි 94ක් ලැබී තිබෙනවා.

ඒ, නීතී උල්ලංඝනය කිරීම්වලට අදාළව සහ ප්‍රචණ්ඩ ක්‍රියා සම්බන්ධවයි. 

මේ අතර, ලැබී ඇති පැමිණිලි 1,136න් පැමිණිලි 939ක් විසඳා ඇති බවයි මැතිවරණ කොමිෂන් සභාව වැඩිදුරටත් සඳහන් කළේ.