Sunday, November 24, 2024

General line - 0115112241

ලොහාන් රත්වත්තේ රිමාන්ඩ්




අත්අඩංගුවට ගත් හිටපු රාජ්‍ය අමාත්‍ය ලොහාන් රත්වත්තේ මහතා ලබන 07 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කර කෙරුණා.

ඒ, සැකකාර හිටපු රාජ්‍ය අමාත්‍යවරයා ගංගොඩවිල මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව ලබා දුන් නියෝගයක් මතයි. 

ඔහුගේ බිරිඳට අයත් මිරිහාන ඇඹුල්දෙණිය ශාලාව පාරේ තෙමහල් නිවසක තිබී අංක තහඩු නොමැති සුඛෝපභෝගී මෝටර් රථයක් පසුගියදා පොලීසිය විසින් සොයාගනු ලැබුවා.

ඊට අදාළව හිටපු රාජ්‍ය අමාත්‍ය ලොහාන් රත්වත්තේ මහතා ඊයේ දිනයේ කටුගස්තොට ප්‍රදේශයේදී අත්අඩංගුවට ගැණුනා.

ඒ, මිරිහාන පොලිස් ස්ථානයේ නිලධාරීන් කණ්ඩායමක් විසින්.

අදාළ වාහනය හිටපු රාජ්‍ය අමාත්‍යවරයා භාවිත කිරීම හේතුවෙන් ඔහු අත්අඩංගුවට ගත් බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති නිහාල් තල්දූව මහතා පැවසුවේ.