Sunday, November 24, 2024

General line - 0115112241

මුහුදුබඩ දුම්රිය මාර්ගයේ දුම්රිය ධාවනයට තවදුරටත් බාධා




දුම්රියක් පීලි පැනීම හේතුවෙන් මුහුදුබඩ මාර්ගයේ දුම්රිය ධාවනය තවදුරටත් සීමා කර ඇති බව දුම්රිය දෙපාර්තමේන්තුව පවසනවා.

බෙලිඅත්ත දුම්රිය ස්ථානයෙන් ගමන් ආරම්භ කරන දුම්රිය ගිංතොට දුම්රිය ස්ථානය දක්වා පමණක් සිදු කෙරෙනවා.

කොළඹ කොටුව දක්වා දුම්රිය ධාවනය සිදු වන්නේ ගිංතොට, කහව, දොඩන්දූව, බූස්ස ඇතුළු ඒ, ආසන්න දුම්රිය ස්ථානවල සිට බවයි එම දෙපාර්තමේන්තුව පැවසුවේ. 

මරදානෙන් ඊයේ පස්වරුවේ පිටත් වූ රුහුණු කුමාරී සීග්‍රගාමී දුම්රිය ගිංතොට දුම්රිය ස්ථානය ආසන්නයේදී පීලි පැනීමකට ලක් වුණා.

එහිදී එම දුම්රියේ එන්ජිම සහ තවත් මැදිරියක් පීලි පැන ඇති බවයි දුම්රිය දෙපාර්තමේන්තුව පැවසුවේ.

දුම්රිය පීලිගත කිරීමේ කටයුතු තවදුරටත් සිදු වන බව එම දෙපාර්තමේන්තුව වැඩිදුරටත් පැවසුවා.