Friday, November 1, 2024

General line - 0115112241

පොලිස් නිලධාරීන්ගේ රාජකාරී වීඩීයෝ ගත කිරීම ගැන පැහැදිලි කිරීමක්




මහජනතාව විසින් පොලිස් නිලධාරීන්ගේ රාජකාරී සහ වෙනත් ක්‍රියාකාරකම් වීඩියෝගත කිරීම කිසිදු නීතියකින් වළක්වා නොමැති බව පොලීසිය පවසනවා.

යම් වරදක් වීඩියෝගත කරන ලද අවස්ථාවකදී එම සංස්කරණය නොකළ වීඩියෝ සාක්ෂි වශයෙන් අපරාධ හෝ සිවිල් නඩුවක පැමිණිලි පාර්ශවයට මෙන්ම විත්ති පාර්ශවයට ඉදිරිපත් කිරීමට හැකියාව පවතින බවයි පොලීසිය පැවසුවේ.

පොලිස් නිලධාරීන් විසින් සිදු කරන රාජකාරී මෙන්ම නිලධාරීන්ගේ ක්‍රියාකාරකම්ද ජනතාව විසින් වීඩියෝගත කරන අවස්ථා බහුලව නිරීක්‍ෂණය වන බව වැඩ බලන පොලිස්පතිවරයා විසින් පෙන්වා දෙනවා.

ඒ, සියලු උසස් පොලිස් නිලධාරීන් වෙත ලිඛිතව දැනුම් දෙමින්. එමෙන්ම අදාළ වීඩියෝගත කරන අවස්ථාවලදී ඇතැම් පොලිස් නිලධාරීන් අදාළ පුද්ගලයන්ට දෝෂාරෝපණය කිරීම්, වීඩියෝගත කරන ජංගම දුරකතන පොලිස් භාරයට ගැනීම සහ ඇතැම් අවස්ථාවල පුද්ගලයින් අත්අඩංගුවට ගැනීම සිදු කර ඇති බවට වාර්තා වන බවද එහි සඳහන්.