Friday, November 1, 2024

General line - 0115112241

ස්විට්සර්ලන්තය සහ ශ්‍රී ලංකාව අතර නව ගුවන් සේවාවක්

ටී කේ ජී කපිල




ස්විට්සර්ලන්තයේ සුරීච් නුවර සිට නව ගුවන් සේවාවක් අරඹමින්, පළමු ගුවන් යානය අද කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණියා.

මෙම පළමු ගුවන් ගමන සදහා ඊඩ්ල්වයිස් ගුවන් සේවය විසින් එයාර් බස් ඒ. 330 වර්ගයේ ගුවන් යානයක් යොදවා තිබුණා.

එම ගුවන් යානය ජල ආචාර පවත්වා පිළිගැනීමට කටුනායක ගුවන් තොටුපොළ බලධාරීන් පියවර ගත් බවයි නෙත් නිවුස් වාර්තාකරු පැවසුවේ.

ව්‍යාපාරික පංතියේ ගුවන් මගීන් 17 දෙනෙකු, පිරිමැසුම්දායක පංතියේ ගුවන් මගීන් 221 දෙනෙකු, ගුවන් යානා කාර්යය මණ්ඩලයේ 13 දෙනෙකුද සමග එම ගුවන් යානයෙන් දිවයිනට පැමිණ තිබෙනවා.

සුරීච් නුවර සිට ඍජු ගුවන් ගමනක යෙදෙමින් සතියේ සෑම සිකුරාදා දිනකම කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණෙන මෙම යානය එදිනම උදෑසන 10යි 05ට මාළදිවයින මාළේ නුවර ඔස්සේ ආපසු සූරීන් නුවර බලා කටුනායක ගුවන් තොටුපොළෙන් පිටත්ව යාමට නියමිතයි.