Friday, November 1, 2024

General line - 0115112241

ඩිජිටල් ආර්ථිකය පිළිබඳ ජනාධිපති ප්‍රධාන උපදේශක තනතුර ආචාර්ය හාන්ස් විජයසූරියට




ආචාර්ය හාන්ස් විජයසූරිය මහතා ඩිජිටල් ආර්ථිකය පිළිබඳ ජනාධිපති ප්‍රධාන උපදේශක ලෙස පත් කර තිබෙනවා.

ඒ ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා විසින්.

ඒ අනුව ආචාර්ය හාන්ස් විජයසූරිය මහතා සිය පත්වීම් ලිපිය ජනාධිපතිවරයා අතින් ලබා ගත් බවයි ජනාධිපති මාධ්‍ය අංශය පැවසුවේ.