Sunday, November 24, 2024

General line - 0115112241

සුදුසු අය මැතිසබයට එවන්න - මාලිමාව ජනතාවට කියයි




රට ගොඩනැගීම සඳහා සුදුසු පුද්ගලයින් පාර්ලිමේන්තුවට පත් කරන්නැයි අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය මෙනෙවිය පවසනවා.

කොළඹ පැවති ජන හමුවකට එක්වෙමින් අග්‍රාමාත්‍යවරිය මේ බව කියා සිටියා. 

කෙසේවෙතත් වත්මන් රජය සම්බන්ධයෙන් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී දොස්තර රාජිත සේනාරත්න මහතා පැවසුවේ මෙවන් අදහසක්.

මේ අතර වත්මන් රජය ජනතාව රවටා ඇතැයි සමගි ජන බලවේගයේ නායක සජිත් ප්‍රේමදාස මහතා චෝදනා කරනවා.

ඒ, මැදකොළඹ ප්‍රදේශයේ පැවති  ජන හමුවකට එක්වෙමින්.

පැවති රජය හෝ වත්මන් රජය මෙතෙක් රාජ්‍ය සේවකයන්ගේ වැටුප් රැැටලුව විසඳා නැතැයි ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජාතික සංවිධායක හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා පවසනවා. 

කෙසේවෙතත් වර්තමානයේ දේශපාලන සංස්කෘතිය වෙනස් වී ඇති බවයි ජාතික ජන බලවේගයේ ජාතික විධායක සභික එරංග ගුණසේකර කොළොන්නාව, කුරුනියාවත්ත ප්‍රදේශයේ පැවති ජන හමුවකදී කියා සිටියේ.