පාර්ලිමේන්තුවට තේරී පත්වන මන්ත්‍රීවරුන්ගේ වරප්‍රසාද රැසක් ඉදිරියේදී කප්පාදු වන බව අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය මෙනෙවිය පවසනවා.
තම රජය කටයුතු කරන්නේ ජනතාවගේ සුභසිද්ධීන් පිළිබඳ සිතා පමණක් බවයි ගම්පහ දිස්ත්‍රික් කාන්තා නියෝජිත හමුව අමතමින් ඇය සඳහන් කළේ.
සජිත ප්‍රේමදාස මහතා ජනාධිපතිවරණයේදී පරාජයට පත් වීමට ප්‍රධානතම හේතු වූයේ රනිල් වික්‍රමසිංහ මහතා ඇතුළු කණ්ඩායම වෙනත් දේශපාලන පක්ෂයකින් ජනාධිපතිවරණයට ඉදිරිපත් වීම බවයි සමගි ජන බලවේගයේ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී ඩිලාන් පෙරේරා මහතා පැවසුවේ.
වර්තමාන රජය පසුගිය රජයේ වැඩපිළිවෙල ක්‍රියාත්මක කරමින් සිටින බව නව ප්රජාතන්ත්රවාදී පෙරමුණේ හම්බන්තොට දිස්ත්‍රික් අපේක්ෂක මහින්ද අමරවීර මහතා පවසනවා.
ඔහු වර්තමාන රජයෙන් ඉල්ලා සිටින්නේ ජනතාවට අත්‍යවශ්‍ය වන භාණ්ඩ මිල අඩුකිරීම සම්බන්ධයෙන් හැකි ඉක්මනින් තීරණයක් ගන්නා ලෙසයි.
හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මවහතාගේ ආරක්ෂාව අඩු කිරීමට ගෙන ඇති තීරණයන් සම්බන්ධයෙන් තමන් සෑහීමකට පත් නොවන බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී සරත් වීරසේකර මහතා පවසනවා.