Sunday, November 24, 2024

General line - 0115112241

තැපැල් ඡන්දය සලකුණු කිරීම තෙවන දිනටත් අද




මහ මැතිවරණය සඳහා තැපැල් ඡන්ද සලකුණු කිරීම තෙවන දිනටත් අද ක්‍රියාත්මකයි.

දිස්ත්‍රික් ලේකම් කාර්යාල පරිශ්‍රයන්හි සියලුම කාර්යාල, මැතිවරණ කාර්යාල හා පොලිසිය යන ආයතනවල තැපැල් ඡන්ද හිමියන්ගේ තැපැල් ඡන්ද සලකුණු කිරීම ඔක්තෝම්බර් 31 වනදා සිදු කෙරුණා.

අනෙකුත් රාජ්‍ය ආයතනවල හා හමුදා කඳවුරුවල තැපැල් ඡන්ද හිමියන්ගේ තැපැල් ඡන්ද සලකුණු කිරීම පසුගිය 01 වනදා සිදුකල බවයි මැතිවරණ කොමිෂන් සභාව පැවසුවේ.

එම ආයතනවල තැපැල් ඡන්ද හිමියන් වෙනුවෙන් ඡන්දය සලකුණු කිරීමට අද දිනයේ ද අවස්ථාව සලසා දී තිබෙනවා.

අද දිනයේ තැපැල් ඡන්ද සලකුණු කිරීමට නොහැකි වන තැපැල් ඡන්ද හිමියන්ට ලබන 07 සහ 08 දිනයන්හීදී සිය සේවා ස්ථානය පිහිටි දිස්ත්‍රික්කයේ, දිස්ත්‍රික් මැතිවරණ කාර්යාලවලදී තැපැල් ඡන්දය සලකුණු කිරීමට හැකි බවයි මැතිවරණ කොමිෂන් සභාව පැවසුවේ.

මේ අතර නිල ඡන්ද දැන්වීම් පත්‍රිකා සියයට 53 කට අධික ප්‍රමාණයක් මේ වන විට බෙදා අවසන් බව තැපැල් දෙපාර්තමේන්තුව පවසනවා.

ලබන 07 වනදායින් නිල ඡන්ද දැන්වීම් පත්‍රිකා බෙදීම අවසන් කරන බවයි එම දෙපාර්තමේන්තුව පැවසුවේ.

එදිනෙන් පසුව නිල ඡන්ද දැන්වීම් පත්‍රිකා නොලැබුණු ඡන්ද හිමියන්ට 2024 ඡන්ද හිමි නාම ලේඛනයේ ලියාපදිංචි ලිපිනයට අදාළ තැපැල් කාර්යාල වෙත ගොස් ස්වකීය අන්‍යන්‍යතාව ප්‍රකාශ කිරීමෙන් අනතුරුව නිල ඡන්ද දැන්වීම් පත ලබාගත හැකි වනවා.