හිටපු රාජ්‍ය අමාත්‍ය ලොහාන් රත්වත්තේ මහතාගේ බිරිඳ ලබන 07 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කර තිබෙනවා.
ඒ, ගංගොඩවිල මහේස්ත්‍රාත් අධිකරණය ලබාදුන් නියෝගයක් මතයි.
මිරිහානේ පිහිටි ඇයගේ නිවසේ තිබී පොලිසිය විසින් සොයාගත් අංක තහඩු නොමැති මෝටර් රථයට අදාළව ඇය එලෙස රක්ෂිත බන්ධනාගාර ගත කර තිබෙනවා.
එම සිද්ධියට අදාළව හිටපු රාජ්‍ය අමාත්‍ය ලොහාන් රත්වත්තේ මහතා ද මීට පෙර අත්අඩංගුවට ගැනුනා.
ඔහු ද රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙසයි ගංගොඩවිල මහේස්ත්‍රාත් අධිකරණය මීට පෙර නියෝග කළේ.
ඒ අනුව රක්ෂිත බන්ධනාගාර ගත කළ හිටපු රාජ්‍ය අමාත්‍යවරයා වැලිකඩ බන්ධනාගාර රෝහල වෙත පළමුව ඇතුළත් කෙරුණා.
ඉන් අනතුරුව ඔහු හදිසි අසනීප තත්ත්වයක් හේතුවෙන් කොළඹ ජාතික රෝහලට ඇතුළත් කෙරුණු අතර ඔහු තවදුරටත් එම රෝහලේ සාමාන්‍ය වාට්ටුවක ප්‍රතිකාර ලබනවා.