විදෙස් රැකියාවක් ලබාදෙන බව පවසා පුද්ගලයෙකුගෙන් මුදල් වංචා කළ සැකකරුවෙකු මොරටුව පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.
පොලිසිය පැවසුවේ ඕස්ටේ්‍රලියාවේ රැකියාවක් ලබාදෙන බව පවසා සැකකරු විසින් රුපියල් ලක්ෂ 10 ක මුදලක් වංචා කළ බවට පැමිණිල්ලක් ලැබී තිබූ බවයි.
ඒ අනුව අදාළ පැමිණිල්ල සම්බන්ධයෙන් විමර්ශන සිදුකර සැකකරු අත්අඩංගුවට ගත් බවද පොලිසිය පැවසුවා.
එලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ ගම්පහ ප්‍රදේශයේ පදිංචිකරුවෙක්.
මේ අතර වීසා නොමැතිව මෙරට රැඳී සිටි විදේශිකයින් දෙදෙනෙකු මහනුවර, බූවැලිකඩ ප්‍රදේශයේදී අත්අඩංගුවට ගෙන තිබෙනවා.
ලද තොරතුරක් මත මහනුවර සංචාරක පොලිස් ඒකකයේ නිලධාරින් කණ්ඩායමක් සිදුකල වැටලීමකදීයි සැකකරුවන් අත්අඩංගුවට ගෙන ඇත්තේ.
ඔවුන් ඉතාලි සහ බි්‍රතාන්‍ය ජාතිකයින් බව පොලිසිය පැවසුවා. සැකකරුවන් සම්බන්ධයෙන් මහනුවර පොලිසිය මඟින් වැඩිදුර විමර්ශන ක්‍රියාත්මකයි.