හිටපු රාජ්ය ඇමතිනි ඩයනා ගමගේ මහත්මියට එරෙහිව ගොනුකර තිබෙන නඩුවක් ජනවාරි මස 09 වනදා විභාගයට ගැනීමට කොළඹ මහාධිකරණය අද නියම කළා.
ඒ, ශ්රී ලාංකික පුරවැසියෙකු නොවන බව දනිමින් කූඨ ලේඛන ඉදිරිපත් කර මෙරට ජාතික හැඳුනුම්පතක් ලබා ගැනීමේ සිද්ධියක් සම්බන්ධයෙන්.
කොළඹ මහාධිකරණ විනිසුරු මංජුල තිලකරත්න මහතා ඉදිරියේ එය කැඳවනු ලැබුවා.
එම අවස්ථාවේදී විත්තිකාර ඩයනා ගමගේ මහත්මියද අධිකරණය හමුවේ පෙනී සිටියා.
ඉදිරිපත් වූ කරුණු සලකා බැලූ මහාධිකරණ විනිසුරුවරයා, අදාළ නඩුවේ සාක්ෂි විභාගය ජනවාරි මස 09 වනදා කැඳවීමට දින නියම කළා.
ඉන් අනතුරුව නඩුවේ නඩු භාණ්ඩ සුරක්ෂිතව ආරක්ෂිත සේප්පුවේ රඳවා තබන ලෙසත් විනිසුරුවරයා විසින් නියෝග කරනු ලැබුවා.
එමෙන්ම එදින පැමිණිල්ලේ සාක්ෂිකරුවන්ට අධිකරණය හමුවේ පෙනී සිටින ලෙස දන්වා සිතාසි නිකුත් කරන ලෙසත් අධිකරණය විසින් නියෝග කළා.