Sunday, November 24, 2024

General line - 0115112241

අධිකරණ තීන්දුවෙන් පසු මහ මැතිවරණය ගැන මැතිවරණ කොමිසම කතා කරයි




සැලසුම් කළ පරිදි මහ මැතිවරණය සඳහා වන ඡන්ද විමසීම නොවැම්බර් 14 වනදා සිදුකරන බව මැතිවරණ කොමිෂන් සභාව පවසනවා.

එදින ඡන්ද විමසීම පැවැත්වීමට ගෙන තිබෙන තීරණය ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට පටහැනි බවට තීන්දුවක් ලබාදෙන ලෙස ඉල්ලා පෙත්සමක් ගොනු කර තිබුණා.

එම පෙත්සම විභාගයට නොගෙන නිෂ්ප්‍රභ කිරීමට ශ්‍රේෂ්ඨාධිකරණය අද නියෝග කළා.

අදාළ පෙත්සම ඉදිරිපත් කර තිබුණේ සිවිල් සංවිධාන ක්‍රියාකාරිකයකු මෙන්ම “අපි ශ්‍රී ලංකා ජාතික සංවිධානයේ” කැඳවුම්කරු එච්. එම්. ප්‍රියන්ත හේරත් මහතායි.

මේ එම පෙත්සමට අදාළව ශ්‍රේෂ්ඨාධිකරණය ලබාදුන් නියෝගයෙන් අනතුරුව කරුණු දැක්වූ මැතිවරණ කොමසාරිස් ජනරාල්   සමන් ශ්‍රී රත්නායක මහතා.


මෙතෙක් තැපැල් ඡන්ද සලකුණු නොකළ රාජ්‍ය සේවකයන්ගෙන් ද ඉල්ලීමක් කළා.