Sunday, November 24, 2024

General line - 0115112241

නෙත් බැලුම්ගල මැදිහත්වීමෙන් අත්අඩංගුවට ගත් STF සෙබළා යලි රිමාන්ඩ්




සංවිධානාත්මක අපරාධ කල්ලි සාමාජිකයන් සහ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් සමග සබදතා පැවැත්වීම හේතුවෙන් අත්අඩංගුවට ගෙන රක්‍ෂිත බන්ධනාගාර ගත කර සිටි පොලිස් විශේෂ කාර්ය බලකායේ සෙබළා අද යළි රක්‍ෂිත බන්ධනාගාරගත කෙරුණා.

සැකකරු කිලිනොච්චිය මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කළ අවස්ථාවේ නියෝග කෙරුණේ ඔහු ලබන 11 වනදා දක්වා රක්‍ෂිත බන්ධනාගාරගත කරන ලෙසයි. 

සැකකාර පොලිස් විශේෂ කාර්ය බලකා සෙබළා කිලිනොච්චිය කදවුරේ රාජකාරී කරමින් සිටියදී අත්අඩංගුවට ගනු ලැබුවා.

ඒ, පොලිස් විශේෂ කාර්ය බලකායේ බුද්ධි කොට්ඨාසය විසින්. සැකකරු සම්බන්ධයෙන් පළමුව තොරතුරු ලැබී තිබුණේ නෙත් එෆ් එම් බැලුම්ගල වෙතයි.

ඒ අනුව නෙත් එෆ් එම් බැලුම්ගල සහ පොලිස් විශේෂ කාර්ය බලකා බුද්ධි කොට්ඨාසය එක්ව සිදුකළ දීර්ඝ ගවේෂණයකින් අනතුරුව අදාළ සෙබළා අත්අඩංගුවට ගැණුනා. 

රක්‍ෂිත බන්ධනාගාර ගත කළ පොලිස් විශේෂ කාර්ය බලකා සෙබළා සහ තවත් පුද්ගලයින් ආරක්‍ෂක අංශවලට එරෙහිව සිදුකරන කුමන්ත්‍රණ පිළිබදව හෙට උදෑසන ප්‍රචාරය කරන නෙත් එෆ් එම් බැලුම්ගල වැඩසටහනෙන් අනාවරණ කරනවා.

නෙත් නිවුස් උදෑසන 6.25 ප්‍රවෘත්ති ප්‍රකාශයෙන් අනතුරුව ඔබට ද එම නෙත් එෆ් එම් බැලුම්ගල වැඩසටහන ශ්‍රවණය කළ හැකියි.