Sunday, November 24, 2024

General line - 0115112241

මහ මැතිවරණය වෙනුවෙන් ඡන්ද කාඩ් මිලියන 12 ක් බෙදා අවසන්




නිල ඡන්ද දැන්වීම් පත්‍රිකා මිලියන 12 ක් එනම් සියයට 70 ක ප්‍රමාණයක් මේ වන විට බෙදා අවසන් කර ඇති බව තැපැල් දෙපාර්තමේන්තුව පවසනවා.

එමෙන්ම තැපෑල විසින් භාරගත් ඡන්ද පත්‍රිකා අඩංගු ලියාපදිංචි රක්ෂිත පැකට්ටු හාර ලක්ෂ 83,000 කට වැඩි ප්‍රමාණයෙන් දෙලක්ෂ 35,000 කට අධික ප්‍රමාණයක් මේ වන විට අදාළ තේරීම් භාර නිලධාරීන් වෙත භාරදී ඇති බවයි නියෝජ්‍ය තැපැල්පති රාජිත රණසිංහ මහතා නෙත් නිවුස් කළ විමසීමකදී පැවසුවේ.


මේ අතර මෙතෙක් තැපැල් ඡන්දය සලකුණු කිරීමට නොහැකි වූ ඡන්ද දායකයින් ලබන 07 සහ 08 යන දෙදින තුළ සිය ඡන්දය සලකුණු කළ යුතු වනවා.

එම දින දෙකෙන් අනතුරුව තැපැල් ඡන්දය සලකුණු කිරීම සඳහා යළිත් අවස්ථාවක් හිමි නොවන බවයි මැතිවරණ කොමසාරිස් ජනරාල් සමන් ශ්‍රී රත්නායක මහතා කියා සිටියේ.