Thursday, April 18, 2024

General line - 0115112241

ප්‍රංශය අවසන් පූර්ව වටයට




යූරෝ කුසලාන පාපන්දු තරගාවලියේ අවසන් පූර්ව වටයට සුදුසුකම් ලබාගැනීමට සත්කාරක ප‍්‍රංශය ඊයේ (03) සමත් වුණා.

ඒ, අර්ධ අවසන් පූර්ව වටයේදී අයිස්ලන්ත කණ්ඩායම ගෝල 5 ට දෙකක් ලෙස පරාජයට පත්කරමින්. තරගයේ පළමු අර්ධය ගෝල 4 ට බින්දුවක් ලෙස ප‍්‍රංශය පෙරමුණ ගත්තා. දෙවන අර්ධයේදී අයිස්ලන්තය ගෝල 2 ක් වාර්තා කළ අතර ප‍්‍රංශයට වාර්තා කිරීමට හැකි වූයේ එක් ගෝලයක් පමණයි.

යූරෝ කුසලාන පාපන්දු තරගාවලියේ අවසන් පූර්ව වටයේදී ප‍්‍රංශය, ජර්මනිය සමගින් තරග වැදීමට නියමිතව තිබෙනවා. තරගාවලියේ අවසන් පූර්ව වටයේ තරග ලබන 06 වැනිදා ආරම්භ වනවා. පළමු අවසන් පූර්ව තරගය පෘතුගාලය සහ වේල්සය අතර පැවැත්වීමට නියමිතයි.

13575675_10209993006488068_1643886051_o