ලෝක ටෙස්ට් ක්‍රීඩක ශ්‍රේණිගත කිරීමේ හොඳම ක්‍රීඩකයින් අතරට ශ්‍රී ලංකාවෙන් තිදෙනෙකු ඇතුළත් වී තිබෙනවා.
ඒ අනුව හොඳම පන්දු යවන්නන් අතර 08 වන ස්ථානය දක්වා ඉදිරියට පැමිණීමට දඟ පන්දු යවන ක්‍රීඩක ප්‍රභාත් ජයසූරියට හැකි වුණා.
හොඳම ටෙස්ට් පිතිකරුවන් අතර 12 වන ස්ථානය දක්වා දිනේෂ් චන්දිමාල් ඉදිරියට පැමිණ තිබෙනවා.
ධනංජය ද සිල්වා ද ස්ථාන දෙකක් ඉදිරියට පැමිණෙමින් හොඳම ටෙස්ට් පිතිකරුවන් අතර දැන් පසුවන්නේ 13 වන ස්ථානයේයි.
කමිඳු මෙන්ඩිස් හොඳම ටෙස්ට් පිතිකරුවන් අතර 06වන ස්ථානයේ තවමත් පසුවනවා.
මේ අතර ටෙස්ට් ක්‍රිකට් ඉතිහාසයේ ඉන්දීය පන්දු යවන්නෙකුට හිමිවූ ඉහළම ප්‍රසාද ලකුණු සංඛ්‍යාව ලබා ගැනීමට ජස්ප්‍රිට් බුම්රා සමත් වී තිබෙනවා.
ඒ, නවතම ටෙස්ට් පන්දු යැවීමේ ශ්‍රේණිගත කිරීමේ ප්‍රසාද ලකුණු 904ක් ලබා ගනිමින්.