ආසියානු ක්රිකට් කවුන්සිලය විසින් පළමුවරට සංවිධානය කළ වයස 19 න් පහළ ආසියානු කාන්තා විස්සයි විස්ස ක්රිකට් තරගාවලියේ ශූරතාව දිනාගැනීමට ඉන්දීය කාන්තා කණ්ඩායම සමත් වුණා.
ඒ, බංග්ලාදේශ කණ්ඩායම ලකුණු 41 කින් පරාජයට පත්කරමින්. මැලේසියාවේ පැවැත් වූ එම තරගාවලියේ අවසන් මහා තරගය ක්වාලාලාම්පූර්හි දී පැවැත් වුණා.
එහිදී පළමුවෙන් පන්දුවට පහරදුන් ඉන්දීය කණ්ඩායම පන්දුවාර 20 තුළදී කඩුලු 07ක් දැවී ලකුණු 117 ක් රැස්කිරීමට සමත් වුණා.
කෙසේවෙතත් පිළිතුරු ඉනිම ක්රීඩා කළ බංග්ලාදේශ කණ්ඩායමට පන්දුවාර 18 යි පන්දු 03 කදී සියලු දෙනා දැවී රැස්කර ගත හැකි වුණේ ලකුණු 76 ක් පමණයි.
ශ්රී ලංකාව, පාකිස්තානය, ඉන්දියාව, බංග්ලාදේශය, නේපාලය හා සත්කාරක මැලේසියාව යන කණ්ඩායම්වල සහභාගිත්වයෙන් මෙම තරගාවලිය පැවැත් වුණා.