Sunday, November 24, 2024

General line - 0115112241

මාලිමාව තමන්ට බියවී ඇතැයි මහින්දානන්ද කියයි

එන් ඒ ඩබ්ලිව් නිරෝෂන්




ජාතික ජන බලවේගය තමන්ට බියවී ඇතැයි හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී මහින්දානන්ද අලුත්ගමගේ මහතා පවසනවා.

සිය ප්‍රදේශයට පැමිණ හැකි නම් ජන හමුවක් පවත්වන්නැයි හිටපු මන්ත්‍රීවරයා මීට පෙර අග්‍රාමාත්‍ය, ආචාර්ය හරිනි අමරසූරිය මෙනෙවියට අභියෝග කළා. 

ඊට ප්‍රතිචාර දක්වමින් අග්‍රාමාත්‍යවරිය නාවලපිටිය ප්‍රදේශයේ ජන හමුවක් පැවැත්වුවා. 

ඊට හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී මහින්දානන්ද අලුත්ගමගේ මහතා අද ප්‍රතිචාර දැක්වූයේ මෙලෙසයි. 

මේ අතර ජාතික ජන බලවේගය ගෘහණියන් අමතක කර ඇතැයි හිටපු රාජ්‍ය අමාත්‍ය චාමර සම්පත් දසනායක මහතා පැවසුවා.

බදුල්ල ප්‍රදේශයේදී මාධ්‍ය හමුවේ අදහස් දක්වමින් ඔහු මේ බව කියා සිටියා. 

සමගි ජන බලවේගය අද පැවැත්වූ මාධ්‍ය හමුවකට එක්වෙමින් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී එස් එම් මරික්කාර් මහතා පැවසුවේ ඉන්ධන මිල පහත දැමීමට ආණ්ඩුව වහා පියවර ගත යුතු බවයි. 

මේ අතර වත්මන් ආණ්ඩුව සම්බන්ධයෙන් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජාතික සංවිධායක හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා ගම්පහ ප්‍රදේශයේ පැවති ජන හමුවකට එක්වෙමින් මෙලෙස අදහස් පළ කළා.