Sunday, November 24, 2024

General line - 0115112241

කුලියාපිටිය මූලස්ථාන ප්‍රධාන පොලිස් පරික්‍ෂකවරයා රිමාන්ඩ්

කුලියාපිටිය උපේන්ද්‍ර




පුද්ගලයෙකුට පහර දීමේ සිද්ධියකට අදාළව කුලියාපිටිය මූලස්ථාන ප්‍රධාන පොලිස් පරික්‍ෂකවරයා ලබන 22 වනදා දක්වා අද රක්‍ෂිත බන්ධනාගාරගත කෙරුණා.

ඒ, කුලියාපිටිය අතිරේක දිසා විනිසුරු දිනිඳු සමරසිංහ මහතා ලබා දුන් නියෝගයක් මතයි. 

සැමියා සමග කලක සිට පැවති පවුල් ආරවුලක් සම්බන්ධයෙන් ඔහුගේ බිරිඳ විසින් කුලියාපිටිය ජේ්‍යෂ්ඨ පොලිස් අධිකාරීවරයා වෙත පසුගියදා පැමිණිල්ලක් සිදුකර තිබුණා.

ඒ අනුව ජ්‍යේෂ්ඨ පොලිස් අධිකාරීවරයා විසින් අදාළ පැමිණිල්ල කොට්ඨාස කාන්තා හා ළමා කාර්යාංශය වෙත යොමු කළා.

අදාළ පැමිණිල්ල විමර්ශනය කිරීම සදහා එම පුද්ගලයා සහ අදාළ කාන්තාව කොට්ඨාස කාන්තා හා ළමා කාර්යාංශය වෙත කැඳවා තිබුණා.

ඉන් අනතුරුව එම විමර්ශන නිසි අයුරින් සිදු නොවුන බවට චෝදනා කරමින් අදාළ කාන්තාව විසින් කුලියාපිටිය මූලස්ථාන ප්‍රධාන පොලිස් පරීක්‍ෂකවරයා දැනුවත් කර තිබුණා.

ඒ අනුව ක්‍රියාත්මක වූ කුලියාපිටිය මූලස්ථාන ප්‍රධාන පොලිස් පරීක්‍ෂකවරයා කොට්ඨාස කාන්තා හා ළමා කාර්යාංශයට පැමිණ අදාළ කාන්තාවගේ සැමියාට පහරදි ඇති බවයි වාර්තා වුණේ. 

එම කොට්ඨාසයේ ඉහළ නිලධාරීන් විසින් එම පහරදීම වළක්වා සිද්ධිය සම්බන්ධයෙන් වාර්තා කර තිබෙනවා. පසුව පහර කෑමට ලක් වූ අදාළ සැමියා කුරුණෑගල රෝහලට ඇතුළත් වී ඇති බවයි පොලීසිය පැවසුවේ.

සිද්ධිය සම්බන්ධයෙන් පොලීසිය විසින් කුලියාපිටිය අධිකරණයට ද කරුණු වාර්තා කර තිබුණා. 

ඒ අනුව සැකකාර මූලස්ථාන පොලිස් පරීක්‍ෂකවරයා අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කරන්නැයි කුලියාපිටිය මහේස්ත්‍රාත් රන්දික ලක්මාල් ජයලත් මහතා මීට පෙර පොලීසියට නියෝග කළා.

කෙසේවෙතත් එම නඩුව කැඳවූ අවස්ථාවේ මහේස්ත්‍රාත්වරයා විසින් සැකකරුගේ හැඳුනුම්පත පරික්ෂා කර තිබෙනවා.

අගතියට පත් පාර්ශවයේ නීතිඥයින් අධිකරණයට කියි සිටියේ මෙම සැකකරු මොසමක් මගින් නඩුව කැඳවා ඩකුත් පළමුවනදා පලා ගොස් සිටි බවයි.

ඒ අනුව සැකකරු අධිකරණය මඟහැර පලායාමේ තර්ජනයක් ඇති බවද එම නීතිඥයින් පෙන්වා දුන්නා.

කෙසේවෙතත් ස්ථිර මහේස්ත්‍රාත්වරයා නොමැතිව නියෝගයක් නිකුත් කළ නොහැකි හෙයින් තම සේවාදායකයා එසේ නඩුවට ලෙනී නොසිට ගිය බව සැකකරුගේ නීතිඥයින් අධිකරණයට දැනුම් දුන්නා.

අනතුරුව පුද්ගලිකව මෙම නඩුව තමන් ඉදිරියේ කැඳවීම නුසුදුසු බව පෙන්වා දෙමින් සැකකරු දිසා විනිසුරුවරයා හමුවට ඉදිරිපත් කරන්නැයි මහේස්ත්‍රාත්වරයා පොලීසියට නියෝග කර තිබෙනවා.