වර්තමානයේ නිර්මාණය වී ඇත්තේ ජනතාව බොරු පොරොන්දුවලින් බැට කන යුගයක් බව සමගි ජන බලවේගයේ නායක සජිත් ප්‍රේමදාස මහතා පවසනවා.
උතුරු කොළඹ ප්‍රදේශයේ පැවති ජන හමුවකට එක්වෙමින් ඔහු මෙම අදහස් පළ කළා.
කෙසේවෙතත් සමගි ජන බලවේගය සම්බන්ධයෙන් නව ප්රජාතන්ත්රවාදී පෙරමුණ නියෝජනය කරන හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී රෝහිත අබේගුණවර්ධන මහතා කළුතර ප්‍රදේශයේ පැවති ජන හමුවකදී දැක්වූයේ මෙවන් අදහසක්.
මේ අතර ජාතික ජන බලවේගය සකස් කළ ප්‍රතිපත්ති ප්‍රකාශය ක්‍රියාත්මක කිරීම සඳහා ඊට සුදුසු අයවැයක් අනුමත කිරීමට පාර්ලිමේන්තුවක් සකස් කළ යුතු බවයි අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය මෙනෙවිය පැවසුවේ.
ඒ, අතුරුගිරිය ප්‍රදේශයේ පැවති ජන හමුවකට එක්වෙමින්.
සමගි ජන සන්ධානයේ ජාතික සංවිධායක සහ ජාතික ලැයිස්තු අපේක්ෂක සුජීව සේනසිංහ මහතාට අයත් සුඛෝපභෝගී වාහනය, එකලස් කරන ලද එකක් නොවන බවට තහවුරු කර තිබෙනවා.
ඒ, රජයේ රස පරීක්ෂකවරයා විසින්.
ඒ අනුව පරික්ෂණ සඳහා රජයේ රස පරීක්ෂකවරයාට භාරදී තිබූ එම වාහනය සුජීව සේනසිංහ මහතා වෙත යළි මුදාහැර තිබෙනවා.