Tuesday, December 3, 2024

General line - 0115112241

වර්තමාන රජය ජනතාවට දුන් පොරොන්දු ඉටු කිරීමට අපොහොසත් වී ඇති බව සජිත් කියයි




ඉදිරි මහ මැතිවරණය සම්බන්ධයෙන් දේශපාලන නියෝජිතයින් තවදුරටත් විවිධ අදහස් පළ කරනවා.

සමගි ජන බලවේගයේ නායක සජිත් ප්‍රේමදාස මහතා පැවසුවේ වර්තමාන රජය ජනතාවට ලබාදී තිබූ පොරොන්දු කිසිවක් මේ වන විට ඉටු කිරීමට අපොහොසත් වී ඇති බවයි.

කොළඹ පැවති ජන හමුවකට එක්වෙමින් සජිත් ප්‍රේමදාස මහතා ජනතාවගෙන් ඉල්ලා සිටියේ මහ මැතිවරණයේදී බහුතර බලය තම කණ්ඩායමට ලබාදෙන බවයි.


පවතින ආණ්ඩුවේ වැඩපිළිවෙලට බාධා එල්ල කිරීමට තම කණ්ඩායමේ බලාපොරොත්තුවක් නොමැති බව හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී රෝහිත අබේගුණවර්ධන මහතා පවසනවා.

කළුතර පැවති ජන හමුවකට එක්වෙමින් ඔහු පැවසුවේ ශක්තිමත් විපක්ෂයක් ලෙස ආණ්ඩුවට සහාය දීමට ඔහු බලාපොරොත්තු වන බවයි.


ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ පසුගිය ජනාධිපතිවරණයේදී යම් පසුබෑමකට ලක් වුවද මෙවර මහ මැතිවරණයේදී ශක්තිමත් කණ්ඩායමක් ලෙස පෙනී සිටිමින් වැඩි මන්ත්‍රී ධූර සංඛ්‍යාවක් හිමිකර ගැනීමට බලාපොරොත්තු වන බවයි හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා පැවසුවේ.