Tuesday, December 3, 2024

General line - 0115112241

මැතිවරණ නිහඬ කාලය තුළ ප්‍රචාරණ කටයුතුවලින් වැළකී සිටින්නැයි අපේක්ෂකයන්ට දැනුම් දීමක්




ප්‍රචාරක කටයුතු අවසන් වීමෙන් පසු ගෙයින් ගෙට ගොස් ප්‍රචාරණ කටයුතු සිදු කිරීම සම්පූර්ණයෙන්ම තහනම් බව මැතිවරණ කොමසාරිස් ජනරාල් සමන් ශ්‍රී රත්නායක මහතා පවසනවා.

ඔහු අපේක්ෂකයන්ගෙන් ඉල්ලා සිටින්නේ මැතිවරණ නීතිරීතිවලට අනුකූලව කටයුතු කරන ලෙසයි.


ඡන්දය ප්‍රකාශ කිරීමට පැමිණෙන සෑම දෘෂ්‍යාබාධිත පුද්ගලයෙකු වෙනුවෙන්ම අදාළ මැතිවරණ කොට්ඨාසය තුළ විශේෂ ක්‍රමවේදයක් සසක් කර ඇති බවයි මැතිවරණ කොමසාරිස් ජනරාල්වරයා වැඩිදුරටත් පැවසුවේ.