Saturday, November 23, 2024

General line - 0115112241

ඡන්දය දෙන්න ගමට ගිය ජනතාවට යළි එන්න විශේෂ ප්‍රවාහන සේවා




ඡන්දය ප්‍රකාශ කිරීම සඳහා ගම්බිම් බලාගිය ජනතාවට කොළඹ සහ තදාසන්න ප්‍රදේශවලට යළි පැමිණීමට අද දිනයේ විශේෂ ප්‍රවාහන සේවා ක්‍රියාත්මකයි.    

ඒ අනුව අද දිනයේ ධාවනය වන සිය බස් රථවලට අමතරව තවත් බස් රථ එක්කරන බවයි ශ්‍රී ලංකා ගමනා ගමන මණ්ඩලයේ නියෝජ්‍ය සාමාන්‍යාධිකාරි මෙහෙයුම් පණ්ඩුක ස්වර්හංස මහතා පැවසුවේ.


මගී ජනතාවට කඩිනම් සේවයක් ලබාදීම සඳහා බස් රථ සූදානම් කර ඇති බවද ඔහු වැඩිදුරටත් කියා සිටියා.


මේ අතර මගී තදබදය සැලකිල්ලට ගෙන අද දිනයේ ධාවනය වන දුම්රිය රැසකට අමතර දුම්රිය මැදිරි එක්කර ඇති බව දුම්රිය දෙපාර්තමේන්තුව පැවසුවා.