Saturday, November 23, 2024

General line - 0115112241

මාලිමාවට උතුරෙන් දුන් බලය ජාත්‍යන්තරයට පණිවිඩයක්




වතුකරයේ මෙන්ම උතුරෙන් ද ජාතික ජන බලවේගය නියෝජනය කරමින් මන්ත්‍රීවරුන් පත්වීම හරහා ලොවටම පණිවිඩයක් ලබාදුන් බව නීතිවේදීන් පවසනවා.

එමෙන්ම ලබන 21 වනදා ජනාධිපතිවරයා සිය ප්‍රතිපත්ති ප්‍රකාශය ඉදිරිපත් කිරීමෙන් අනතුරුව එයට ගැලපෙන පරිදි විදේශ ප්‍රතිපත්තිය හා රටේ මූල්‍ය ස්ථාවරය ඇතිකර ගැනීමට හැකි බවයි මානව හිමිකම් ක්‍රියාකාරී ආචාර්ය නීතීඥ ප්‍රතිභා මහානාම හේවා මහතා පැවසුවේ.


එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයට ද ශ්‍රී ලංකාවෙන් පණිවිඩයක් ලබාදී ඇති බවයි මානව හිමිකම් ක්‍රියාකාරී ආචාර්ය නීතීඥ ප්‍රතිභා මහානාම හේවා මහතා වැඩිදුරටත් පැවසුවේ.


නුවරඑළිය දිස්ත්‍රික්කයෙන් ජාතික ජන බලවේගයට ආසන 05 ක් හිමි වුණා.

මේ අතර යාපනය දිස්ත්‍රික්කයෙන් ආසන 03 ක් සහ වන්නි දිස්ත්‍රික්කයෙන් ආසන 02 ක්  ජාතික ජන බලවේගය හිමිකර ගත්තා.