Saturday, November 23, 2024

General line - 0115112241

ජාතික ලැයිස්තු මන්ත්‍රීධුර ගැන මැතිවරණ කොමිෂන් සභාවෙන් පැහැදිලි කිරීමක්




10 වන පාර්ලිමේන්තුවට ජාතික ලැයිස්තුවෙන් නම් කරන පුද්ගලයන්ගේ නම් ඇතැම් පක්ෂ විසින් මෙතෙක් තමන් වෙත යොමු කර නොමැති බව මැතිවරණ කොමිෂන් සභාව පවසනවා.

ඒ අනුව මේ වන විට ඇතැම් පක්ෂ විසින් ලබාදී ඇති නම් රජයේ මුද්‍රණාලය වෙත යොමු කිරීමටයි මැතිවරණ කොමිෂන් සභාවේ අවධානය යොමු වී ඇත්තේ. 

මේ අතර ආසන මට්ටමින් පාර්ලිමේන්තුවට තේරී පත් වූ මන්ත්‍රීවරුන්ගේ නම් ඇතුළත් ගැසට් නිවේදනය නිකුත් කිරීම සඳහා ඊට අදාළ නම් රජයේ මුද්‍රණාලය වෙත යොමු කර තිබෙනවා. 

මේ අතර මැතිවරණයට තරග කර පරාජයට පත් වූ අපේක්ෂකයන් හැර වෙනත් පුද්ගලයින් ජාතික ලැයිස්තු මන්ත්‍රී ධූර සඳහා නම් කළ නොහැකි බව මැතිවරණ කොමිෂන් සභාව පැවසුවා.