Sunday, November 17, 2024

General line - 0115112241

මෙවර උසස් පෙළ උපකාර පන්ති 19 වනදා මධ්‍ය රාත්‍රියේ සිට තහනම්




මෙවර අධ්‍යයන පොදු සහතික පත්‍ර උසස් පෙළ විභාගයට අදාළ උපකාරක පන්ති, දේශන හා සම්මන්ත්‍රණ පැවැත්වීම ලබන 19 වනදා මධ්‍යම රාත්‍රියෙන් පසු තහනම් වන බව විභාග දෙපාර්තමේන්තුව පවසනවා.

එම දෙපාර්තමේන්තුව සඳහන් කළේ විභාගය අවසන් වන තුරු එම තහනම ක්‍රියාත්මක වන බවයි.

ලබන 25 වනදා ආරම්භ වීමට නියමිත මෙවර අධ්‍යයන පොදු සහතික පත්‍ර උසස් පෙළ විභාගය දෙසැම්බර් මස 20 වනදා දක්වා පැවැත්වීමට නියමිතයි.

මේ අතර මතභේදයට තුඩු දුන් මෙවර 5 ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගයේ පිළිතුරු පත්‍ර ඇගයිම් කටයුතු සම්බන්ධයෙන් ලබන සතිය වන විට අවසන් තීරණයක් ගැනීමට නියමිත බව අධ්‍යාපන අමාත්‍යංශය පවසනවා.

උසස් පෙළ විභාගය අවසන් වීමට පෙර අදාළ පිළිතුරු පත්‍ර ඇගයීම් කටයුතු ආරම්භ කිරීමට කටයුතු කරන බවයි අධ්‍යාපන අමාත්‍යංශයේ ලේකම් තිලකා ජයසුන්දර මහත්මිය පැවසුවේ.