මත්ද්‍රව්‍ය ප්‍රවාහනය කරමින් තිබූ මෙරට බහුදින ධීවර යාත්‍රාවක් නාවික හමුදාව විසින් සිය භාරයට ගෙන තිබෙනවා.
ඒ, ශ්‍රී ලංකාවට බටහිර දෙසින් වූ ගැඹුරු මුහුදේ සිදුකල මෙහෙයුමකදීයි.
මත්ද්‍රව්‍ය ප්‍රවාහනය කරමින් තිබු එම බහුදින ධීවර යාත්‍රාව සමඟ සැකකරුවන් 05 දෙනෙකු නාවික හමුදා භාරයට ගෙන තිබෙනවා.
එම බහුදින ධීවර යාත්‍රාවේ මත්ද්‍රව්‍ය කිලෝ ග්‍රෑම් 40 ක පමණ තොගයක් ඇති බවට සැක කෙරෙන බවයි නාවික හමුදාව පැවසුවේ.
අදාළ බහුදින යාත්‍රාව සහ සැකකරුවන් වැඩිදුර පරික්ෂාවට ලක් කර ඉදිරි නීතිමය කටයුතු සිදු කිරීමට නියමිතයි.