Friday, November 22, 2024

General line - 0115112241

සජබ නායකත්වය වෙනස් නොවුනත් හැසිරීම් රටාව වෙනස් විය යුතු බවට ජ්‍යෙෂ්ඨයන්ගෙන් ප්‍රකාශයක්




සමගි ජන බලවේගය පසුගිය ජනාධිපතිවරණයෙන් සහ මහ මැතිවරණයෙන් පරාජයට පත් වීමත් සමඟ එහි නායකත්වයේ වෙනසක් සිදුවිය යුතු බවට සමාජ මාධ්‍ය තුළ විවිධ අදහස් හුවමාරු වෙමින් පවතිනවා.

එමෙන්ම සමගි ජන බලවේගයේ හිටපු සභාපති සරත් ෆොන්සේකා මහතා ද මාධ්‍ය වෙත අදහස් දක්වමින් පැවසුවේ සමගි ජන බලවේගය දේශපාලනික වශයෙන් පසුබැසීමට ප්‍රධානතම හේතුව එහි නායකත්වය බවයි.

සමගි ජන බලවේගයේ නායකත්ව පක්ෂයේ වෙනත් අයෙකුට ලබාදිය යුතු බවයි හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී සරත් ෆොන්සේකා මහතා එහිදී වැඩිදුරටත් සඳහන් කළේ. 

කෙසේවෙතත් ඒ සම්බන්ධයෙන් නෙත් නිවුස් කළ විමසීමකදී සමගි ජන බලවේගයේ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී අශෝක අබේසිංහ මහතා කියා සිටියේ පක්ෂ නායකත්වයේ කිසිදු වෙනසක් සිදු කිරීමට අවශ්‍ය නොවන බවයි. එහෙත් ජනතාව පවසන ආකාරයට සජිත් ප්‍රේමදාස මහතාගේ හැසිරීම් රටා වෙනස් විය යුතු බව ඔහු පැවසුවා.


විපක්ෂයක් ලෙස සමගි ජන බලවේගය ශක්තිමත් වන්නේ කෙසේදැයි ද නෙත් නිවුස් මෙහිදී ප්‍රශ්න කළා.


මේ අතර සමගි ජන බලවේගයේ නායකත්වය සම්බන්ධයෙන් එම පක්ෂයේ මහ ලේකම් රංජිත් මද්දුම බණ්ඩාර මහතාගෙන් ද මාධ්‍යවේදීන් ප්‍රශ්න කළා.