නාය යෑමක් හේතුවෙන් පස්සර - බිබිල මාර්ගයේ 13 කණුව අසල ප්රදේශය සම්පූර්ණයෙන්ම අවහිර වී තිබෙනවා.
එම ස්ථානයේ නවතා තිබූ ත්රිරෝද රථයක් පස් කන්දට යට වී ඇති බවයි නෙත් නිවුස් වාර්තාකරු පැවසුවේ.
තවත් ත්රීරෝද රථ දෙකකට ද සුළු හානි සිදුව තිබෙනවා.
කෙසේවෙතත් ජීවිත හානි කිසිවක් සිදුව නැහැ.
විකල්ප මාර්ග ලෙස බිබිල - ඇකිරියන්කුඹුර මාර්ගය භාවිත කළ හැකි බවයි නෙත් නිවුස් වාර්තාකරු වැඩිදුරටත් පැවසුවේ.