Monday, November 18, 2024

General line - 0115112241

ත්‍රස්ත ප්‍රහාරයක බිය නිසා පකිස්තානය සීරුවෙන්




පකිස්තානයේ ආරක්ෂාව තර කර ඇතැයි එරට මාධ්‍ය වාර්තා කරනවා.

ඒ, ඉස්ලාමාබාද් සහ රාවල්පින්ඩි යන ද්විත්ව නගරවල ත්‍රස්ත ප්‍රහාර එල්ල විය හැකි බවට බුද්ධි අංශ වාර්තා කිරීමෙන් අනතුරුවයි.

ත්‍රස්තවාදීන් එම නගරවලට ප්‍රහාර එල්ල කිරීමට සැලසුම් කර ඇති බවට බුද්ධි අංශ අනතුරු අඟවා ඇති බව පොලිස් ආරංචි මාර්ග සඳහන් කරනවා. 

ආරක්‍ෂක තර්ජන හමුවේ පොලිසිය නගරයේ ආරක්‍ෂාව තවදුරටත් තර කළ අතර රජයේ සහ ආර්ථික මර්මස්ථාන අවට ආරක්‍ෂාව   දැඩි කර ඇතැයි සඳහන්.

සිදුවිය හැකි ඕනෑම ත්‍රස්ත ප්‍රහාරයක් වළක්වා ගැනීම සඳහා ඵලදායි මුර සංචාරයක් සහතික කිරීම සඳහා සුපරීක්ෂාකාරීව සිටින ලෙසත් දැඩි පරීක්‍ෂාවක් සිදු කරන ලෙසත් පොලිසියට සහ අනෙකුත් ආරක්ෂක අංශවලට රජය උපදෙස් දී තිබෙනවා.

පකිස්තානයේ ත්‍රස්ත මර්දන දෙපාර්තමේන්තුව විසින් නිකුත් කරන ලද ලිපියකට අනුව, පකිස්තානයේ ක්‍රියාත්මක Jamaat-ul-Ahrar නම් ත්‍රස්ත කණ්ඩායමක් විසින් එම නගර කේන්ද්‍ර කර ගනිමින් මහා පරිමාණ ත්‍රස්තවාදී ක්‍රියාවක් සැලසුම් කර ඇති බව විශ්වාස කටයුතු ආරංචි මාර්ග ඔස්සේ දැනගන්නට ලැබී ඇත.