Monday, November 18, 2024

General line - 0115112241

ස්ටාර්ලින්ක් ඉන්දියාවේ ජාතික ආරක්ෂාවට තර්ජනයක්




ස්ටාර්ලින්ක් අධිවේගී චන්ද්‍රිකා අන්තර්ජාල වැඩසටහන ඉන්දියාවේ ජාතික ආරක්ෂාවට දැඩි තර්ජනයක් එල්ල කරන බව නවතම වාර්තාවකින් හෙළිවී තිබෙනවා.

ඉන්දියාවේ කුට්නිටි පදනම මෑතකදී නිකුත් කරන ලද එම වාර්තාවේ දැක්වෙන්නේ ඉන්දියාව තුල ස්ටාර්ලින්ක් අධිවේගී චන්ද්‍රිකා අන්තර්ජාල වැඩසටහනට ඉඩ දීමෙන් ඉන්දියාවේ ජාතික ආරක්ෂාවට දැඩි  බලපෑමක් එල්ල කරන බවයි  

තවද ඔවුන් පෙන්වා දෙන්නේ ඇමරිකා ඔත්තු සේවාව සහ හමුදාව සමඟ ඉලෝන් මස්ක්ගේ ස්ටාර්ලින්ක් ආයතනය සමීප සබඳතා පවත්වන බවටයි 

මේ හේතුවෙන් එම වාර්තාව පෙන්වා දෙන්නේ සාමාන්‍ය ජනතාව හා හමුදා කටයුතු සඳහා භාවිත කිරීම යන දෙකෙහිම හැකියාව ඇති මෙම තාක්ෂණයේ ද්විත්ව භාවිත ස්වභාවය ඉන්දියාවේ ජාතික ආරක්ෂාවට සැලකිය යුතු බලපෑමක් එල්ල කරන බවයි 

මේ වන විට ඉලෝන් මස්ක්ගේ ස්ටාර්ලින්ක් සබඳතා පිළිබඳ ඉන්දීය ජනතාවගේ දැඩි උනන්දුවක් ඇතිව තිබෙනවා.

ඒ අනුව ඉන්දියාවේ අති දුෂ්කර හා අඩු පහසුකම් සහිත ප්‍රදේශවල ස්ටාර්ලින්ක් චන්ද්‍රිකා අන්තර්ජාල පහසුකම්  භාවිතයට මේ වනවිටත් අවධානය යොමුව තිබෙනවා.

මාධ්‍ය මේ මස මුලදී වාර්තා කළේ රජය සහ Starlink දත්ත ගබඩා කිරීම ඇතුළු ආරක්ෂාව සම්බන්ධ ගැටළු කිහිපයක් සම්බන්ධයෙන් සාකච්ඡා කරමින් සිටින බවයි.