ජනතාව වෙනුවෙන් ගන්නා සුබදායී තීන්දු තීරණ වෙනුවෙන් වත්මන් රජයට සහාය දක්වන බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජාතික සංවිධායක නාමල් රාජපක්ෂ මහතා පවසනවා.
මහනුවර දළඳා මාලිගාවට ගොස් ආගමික වතාවත්වල නිරතවීමෙන් අනතුරුව මාධ්‍යවේදීන් නැගූ ප්‍රශ්නවලට පිළිතුරු ලබාදෙමින් ඔහු මෙම අදහස් පළ කළා.
මේ අතර ජනතා අපේක්ෂාවන් ඉටු කිරීමට වත්මන් රජය කටයුතු කරනු ඇතැයි තමන් අපේක්ෂා කරන බව හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී විමර් වීරවංශ මහතා පවසනවා. එසේ සිදු කිරීමට ආණ්ඩුව අපොහොසත් වුවහොත් ජනතාව සමඟ ඊට මැදිහත් වන බවයි ඔහු මාධ්‍ය හමුවේ කියා සිටියේ.