Monday, November 18, 2024

General line - 0115112241

රුහුණු විශ්වවිද්‍යාලයේ උප කුලපතිට එරෙහිව අඛණ්ඩ වැඩ වර්ජනයකට සැරසෙයි




රුහුණු විශ්වවිද්‍යාලයේ උප කුලපති සුජීව අමරසේන මහතාට එරෙහිව අඛණ්ඩ වැඩ වර්ජනයක නිරත වීමට එම විශ්ව විද්‍යාලයේ අධ්‍යයන, අනධ්‍යන කාර්ය මණ්ඩල සහ සිසුන් සූදානම් වනවා.

උප කුලපතිවරයා එම තනතුරෙන් ඉවත් කරන තුරු සියලු පාර්ශව හෙට සිට අඛණ්ඩ වැඩ වර්ජනයේ නිරත වන බවයි රුහුණු විශ්ව විද්‍යාලයේ විද්‍යා පීඨයේ ආචාර්ය සංගමයේ සභාපති සහ විශ්ව විද්‍යාල ආචාර්ය සමිති සම්මේලනයේ උප ලේකම් ආචාර්ය මංජුල ද සිල්වා මහතා නෙත් නිවුස් වෙත කියා සිටියේ.