Friday, November 22, 2024

General line - 0115112241

නියෝජ්‍ය අමාත්‍යවරුන් දිවුරුම් දීම 21 වනදා




නව රජයේ නියෝජ්‍ය අමාත්‍යවරුන් දිවුරුම් දීම ලබන 21 වනදා පස්වරුවේ සිදු කිරීමට නියමිතව තිබෙනවා.

නෙත් නිවුස් කළ කරුණු විමසීමකදී ජාතික ජන බලවේගයේ විධායක සභික පාර්ලිමේන්තු මන්ත්‍රී නීතීඥ සුනිල් වටගල මහතා ඒ බව තහවුරු කළා.

අමාත්‍ය මණ්ඩලය දිවුරුම් දීම ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ඉදිරියේදී ඊයේ සිදු කෙරුණා.

නව රජයේ අමාත්‍ය මණ්ඩලය 22 දෙදෙනෙකුට සීමා වුණා.

ආරක්ෂක, මුදල්  සැලසුම් හා ආර්ථික සංවර්ධන සහ ඩිජිටල් ආර්ථික අමාත්‍යාංශ ජනාධිපතිවරයා යටතට පත් කර ඇති බවයි ජනාධිපති මාධ්‍ය අංශය පැවසුවේ. 

මේ අතර ජාතික ජන බලවේගයෙන් තේරී පත් වූ දුර බැහැර ප්‍රදේශවල මන්ත්‍රීවරුන් පාර්ලිමේන්තුවට පැමිණීම සම්බන්ධයෙන් මේ වන විට කතාබහක් මතුව තිබෙනවා.

ඊට ප්‍රතිචාර දැක්වූ ජාතික ජන බලවේගයේ විධායක සභික පාර්ලිමේන්තු මන්ත්‍රී නීතීඥ සුනිල් වටගල මහතා පැවසුවේ දුර බැහැර ප්‍රදේශවල මන්ත්‍රීවරුන්ට පාර්ලිමේන්තුවට පැමිණීමට කිසිදු ප්‍රවාහන ගැටළුවක් මතු නොවන බවයි.

සිය පක්ෂයේ දිස්ත්‍රික් සංවිධායකවරුන් විසින් එම මන්ත්‍රීවරුන්ගේ ප්‍රවාහන ගැටලු විසඳීම සඳහා විශේෂ වැඩපිළිවෙලක් සකස් කර ඇති බවයි ඔහු වැඩිදුරටත් කියා සිටියේ.