Friday, November 22, 2024

General line - 0115112241

රුහුණු උප කුලපතිට එරෙහිව අඛණ්ඩ වර්ජනයක්




රුහුණු විශ්වවිද්‍යාලයේ උප කුලපති සුජීව අමරසේන මහතාට එරෙහිව අද සිට අඛණ්ඩ වැඩ වර්ජනයක නිරත වීමට පාර්ශව කිහිපයක් තීරණය කර තිබෙනවා.

අධ්‍යයන සහ අනධ්‍යන කාර්ය මණ්ඩල මෙන්ම සිසුන් ද ඊට එක්වන බවයි රුහුණු විශ්ව විද්‍යාලයේ විද්‍යා පීඨයේ ආචාර්ය සංගමයේ සභාපති සහ විශ්ව විද්‍යාල ආචාර්ය සමිති සම්මේලනයේ උප ලේකම් ආචාර්ය මංජුල ද සිල්වා මහතා නෙත් නිවුස් වෙත කියා සිටියේ.


ඒ අනුව සිසුන්ගේ විභාග රාජකාරිවලට පමණක් විශ්වවිද්‍යාල ආචාර්යවරුන් එක්වන බවයි ආචාර්ය මංජුල ද සිල්වා මහතා වැඩිදුරටත් පැවසුවේ.