Thursday, November 21, 2024

General line - 0115112241

රුහුණු උප කුලපති ඉවත් කරන වැඩවර්ජනය තවදුරටත්




රුහුණු විශ්වවිද්‍යාලයේ උප කුලපතිවරයාට ධුරයෙන් ඉවත් කරන ලෙස බලකරමින් එම විශ්වවිද්‍යාලයේ අධ්‍යයන, අනධ්‍යයන කාර්ය මණ්ඩලය හා සිසුන් ඊයේ දිනයේ සිට ආරම්භ කළ වැඩවර්ජනය තවදුරටත් ක්‍රියාත්මකයි. 

මෙම ගැටලුව සම්බන්ධයෙන් අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසුරිය මෙනෙවිය සමග විශේෂ සාකච්ඡාවක් ද පැවැත්වූ බවයි රුහුණු විශ්වවිද්‍යාල වෘත්තීය සමිති ඒකාබද්ධ කමිටුවේ සම සභාපති මංගල දබරේරා මහතා පැවසුවේ.

කෙසේවෙතත් තමන්ට එරෙහිව එල්ල වී ඇති චෝදනා සියල්ල ප්‍රතික්ෂේප කරන බවයි රුහුණු විශ්වවිද්‍යාලයේ උපකුලපති ජ්‍යේෂ්ඨ මහාචාර්ය සුජීව අමරසේන මහතා පැවසුවේ. 

අසත්‍ය චෝදනා මත ඉල්ලා අස්වෙන ලෙසට ඉල්ලීම් කළ ද තමන් ධුරයෙන් ඉල්ලා අස්වීමට සුදානම් නොමැති බවයි ඔහු අවධාරණය කළේ.