Thursday, November 21, 2024

General line - 0115112241

E8 වීසා ක්‍රමය ගැන රජයේ අවධානය




දකුණු කොරියාවේ E8 වීසා ක්‍රමය යටතේ ශ්‍රමිකයන් යොමු කිරීම පිළිබඳ තවදුරටත් අධ්‍යයනය කරමින් ඊට අදාළ නීතිමය තත්ත්ව සොයා බලා පියවර ගැනීමට විදේශ රැකියා අමාත්‍ය විජිත හේරත් මහතා තීරණය කර තිබෙනවා. 

ඒ, යම් යම් පාර්ශව මැදිහත් වී දකුණු කොරියාවේ ඍතුමය රැකියා සඳහා වන E8 වීසා යටතේ අනුමත ක්‍රමවේදයෙන් බැහැරව කටයුතු කිරීම හේතුවෙන්. 

ඒ අනුව එම රැකියා බලාපොරොත්තුවෙන් සිටින ශ්‍රමිකයින් අපහසුතාවයට පත්වීම සැලකිල්ලට ගනිමින් මෙම පියවර ගෙන තිබෙනවා. 

ඊට අදාළ විශේෂ සාකච්ඡාවක් ඊයේ පවත්වා ඇති අතර ඒ සඳහා අදාල ශ්‍රමිකයින් පිරිසක් ද සහභාගී වී තිබුණා.